Friday, February 15, 2013

උල්කාපාත වැස්ස

මෙන්න අළුත්ම පුවතක්! (සමහර කොටස් වල වචන හැලී තිබේ. තාක්ෂණික දෝෂයකි.)



පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් තිබූ උල්කාපාතයක් ශ්‍රී ලංකාව දෙසට හරවා එවීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් අසාර්ථක වේ! 



වසර දෙදහස් පන්සීය ගණනක ප්‍රෞඪ ඉතිහාසය තුළ වැව් දාගැබ් සිය දහස් ගණනක් තැනු මුතුන් මිත්තන්ගේ ඇටකටු වලින් පෝෂණය වූ............................එදා දුටුගැමුණු, වළගම්බා වැනි නිරිඳුන් මෙලක පරදේසක්කාර ජාතිවාදී බලවේග වලින් බේරා ගත්තා සේ අද අපේ රට තිස් වසරක යුද්ධයකින් බේරා ගත අපේ ආඩම්බරකාර........................... අපේ මේ පුංචි මුතු ඇටයක් වන් ලංකාව ඉන්දියන් සාගරයේ පමණක් නොවේ ආසියාවේම ආශ්.................. මේ වගේ දෙයක් දරාගන්නට බැරිව ඉන්නා කුහක ජාත්‍යන්තර බලවේග වල කපටි න්‍යාය පත්‍ර වලට හසු............රාවණා උරුමය නාසා ආයතනයත් පිළිගෙන ලෝකෙන් උතුම්ම රට ලංකාව බව අවිවාදිත වන මේ වගේ කාලයක, මේ වගේ පිං.........................................කන්න නැහැ කියමින් බොරුවට විලාප දෙන පරගාමී බලවේග වල නිවට ක්‍රියා පිළිවෙත.........................චීනය අපි සමග හැමදාමත් හිටිය බව මේ රටේ කාට මතක නැතත් බුද්ධිමත් ජනතාවට මතක..........................................එදා ලංකාවට ඉහලින් පරිප්පු දැම්මා සේ අද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිය තාක්ෂණික දැනුම..................................ලංකාවට හරවා ඒවා මුළු සිරිලකම එකම මළගෙයක් වන්නට තිබුණා.............................අපේ රජතුමාගේ පුණ්‍ය මහිමය නිසා නොවන්නට අද මේ ලංකාව ලෝක සිතියමෙන්......................................................වාසනාවකට මේ රටේ පිනට පහළ වූ පංචායුධයෙ බලයෙන් අපේ ලංකාව මේ රුදුරු විපතින් ගැලවුණු අතර......................................................අපේ රට ගැන හැමදාමත් ඇහැ ගහගෙන ඉන්නා අපේ අති උතුම් නාථ  සහ විපස්සක දේව රාජයාණන් වහන්සේලා ප්‍රමුඛ තිස්තුන් කෝටියක් දේව මණ්ඩලයේ අනුහසින්...............................................අද රුසියාව සිය පවු වලට වන්දි ගෙවන බව මුළු ලෝකයටම පැහැදිලි වූ කරුණක් බව මේ වන විට..............................මෙවැනි තුට්ටු දෙකේ පහත ක්‍රියා වලින් අපේ රජතුමාගේ අනුභාවයට කැළලක් නොවන බව නොදන්නා අඥාන අදිසි බළල් හස්තයන්...........................................අද දින රුසියාවට කඩා වැටී තිබෙනවා. ඇසින් දුටුවන්ගේ සාක්ෂි අනුව මෙය ඉතාම බරපතල ලෙස විනාශකාරී වන අතර....................................950කට අධික පිරිසක් මින් මරණයට පත් වී දහස් ගණනක් අවතැන්ව සිටින අතර අවතැන් වූවන්ට කලට වෙලාවට නිසි ආහාර සැපයීම සිදු නොවන.....................................මේ අර්බුදයට මුහුණ දීමට උපදෙස් ලබා ගැනීම පිණිස රුසියානු අගමැති පුද්ගලිකවම ශ්‍රී ලංකාවේ ජනපතිගෙන් උපදෙස් පතා ඇති අතර ඊට ඉක්මන් ප්‍රතිචාර දක්වූ අපේ.........බලන්න හසන්ත මහත්තයෝ අපේ රජ්ජුරුවෝ මොන තරම් නම් පින්වන්තද..........................හෙල්පින් හම්බන්තොට ව්‍යාපෘතිය ආදර්ශයට ගනිමින් වහ වහා මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට සිය රට ක්‍රියා කරන බව................................මේ ගැටලුවේදී ද ඉන්දියාව අනුගමනය කරන දෙබිඩි පිළිවෙත හෙළා දකින බව තරයේ කියා සිටින..............................................අදත් පිටපත ඇහින්ද ගොඩේ සුන්දරගෙන්..