Tuesday, January 29, 2013

(තේ) කැබිනට් ඇමති මණ්ඩලය



අපේ මේ පුංචි ලංකාවේ තරම් ඇමති මණ්ඩල සහ ඇමති මණ්ඩල සංශෝධන ක්‍රියාත්මක වූ වෙනත් රටක් ඇද්දෝ යි සැකයක් මතුවේ. එක අතකට මේක ආසියාවේ ඈස්-චරියාව නිසා එසේ වීම පුදුමයක් වන්නට බැරිය. අනිත් අතට ගත්තාම මේ ආණ්ඩුව කරන විළි සංගෙ නැති දහදුරා වැඩ දකින විට එසේ කරන ආණ්ඩුව තෝරාගත් සර්වජන චන්ද බලය හිමි අපි වශයෙන් අපටද මහත් ගෞරව බහුමාන පුරස්සර සාඩම්බර කමක් වගේ එකක් දැනිය යුතුමය. (ආඩම්බර කාර) තාත්තා කළ දේ පුතාලා වන අපි නොකොළොත් අපි කාගේ පුතලාදැයි අලුතින් කීම අවශ්‍යයි නොසිතමි.

මේ සියල්ල මැද්දාවේ තවත් ඇමති සංශෝධනයක් කිරීමට ආණ්ඩුව සැරසේ. සැරසේ කිව්වාට එහෙම සැරසීමක් මේ ආණ්ඩුවේ නැත. උදාහරණයක් ලෙස පෙම්වතිය සමග පළමුවරට ලිංගිකව එක් වන ආදරබර පෙම්වතකු සහ, මිල ගෙවා ගත ගණිකාවක් සමග යහන්ගත වන හැටත් පැනපු නාකියකු අතර වෙනස සැලකීම වටී. හරිහමං සෙක්ස් එකක නම් foreplay කියා දෙයක් තිබේ. ඒ කියන්නේ සිප වැළඳ ගැනීම්, හෙමිහිට චුම්බනය කිරීම්, ආදරයෙන් අත පත ගෑම් ආදී වශයෙනි. ගොනා ගැහීමේදී එහෙම එකක් නැත. විශේෂයෙන්ම අවුරුදු ගණනකට හරිහමං සෙක්ස් පාරක් හම්බ නොවුණු නාකියකු සේ පැනපු ගමන් කෙළගෙන කෙළගෙන යාමක් ය, එහි ඇත්තේ. මේ ආණ්ඩුවද දැන් foreplay කරන ගැටයාගේ කාලය පසු කර තිබේ. තවම එහෙම වැඩ කරන්නේ රජ්ජුරුවෝ නොව, කුමාරවරුය. (උන් තුන්දෙනා ඒවා කරන හැටි රටම දන්නවා වුවත් ඒ ගැන වචනයක් වත් කීමට අපේ දිව නැමෙන්නේ නැත.)

මේ සියල්ල මැද අපේ ආණ්ඩුවට හිටි හැටියේම සීනි කිරණ ඇමතියකු ද ඕනා වී තිබේ. අපේ මංජුල හිත මිත්‍රයා ලස්සන කතාවක් කියා තිබේ. මේ ඔහුගේ සටහනකි.

දැන් ලැබුණු ප්‍රවෘත්තියක්! නැවත සිදුකෙරුනු හදිසි කැබිනට් සංශෝධනය අනුව 'ප්ලෙන්ටි සේවා ජේ‍ය්‍යෂ්ඨ ඇමති' තනතුරක් ඇති කර තිබේ. ඔහු යටතේ 'සීනි ඇමති, තේ කොළ ඇමති සහ ජල සම්පාදන ඇමති ' කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇත.
මීටම අමතරව පහත දැක්වෙන අමාත්‍ය ධුර සඳහාද ඉඩක් ඇති කරන මෙන් අපි ඉල්ලා සිටිමු.


  1. කොන්ඩම් භාර අමාත්‍ය - රටේ ඇමතියන්, දේශපාලුවන්, උන්ගේ හත්මුතු පරම්පරාවල් සේරම මොනවා නොකළත් පිළිවෙලකට කරන එකම දේ හැමනීම බැවින් මෙය අතිශයින්ම අත්‍යාවශ්‍ය ය. මේ සඳහා අපි මාලක සිල්වා යෝජනා කරමු. කුඩු දුමියා හොඳ සිහියෙන් හිටියා නම් මේ තනතුර ඩෙෆා ලැබෙන්නේ ඌටය. එවිට මේ රටේ අධ්‍යාපනයේ දැවෙන ප්‍රශ්නයක් ව ඇති ලිංගික අධ්‍යාපනයේ අඩුව පිරිමැසීමට එතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්ම රටේ පාසල් වල ලිංගික සංදර්ශන පැවැත්වීමට තිබිණි. 
  2. පශ්චාත් භාග භාර අමාත්‍ය - රටේ මහජනතාව හැමදාමත් කෙළේ ආණ්ඩුව ඉදිරියේ අංශක අනුවක් ආනතව සරම උස්සා දීම බැවින් මේ සඳහා නම් ගැලපෙන්නේ ජනතාව අතරින් බිහි වූ නායකයෙකි. ඒ වගේම ජනතාව සේම දෙකට තුනට නොව හතරට වුවද නැවී ආණ්ඩුවට දීම අතිශයින්ම අත්‍යවශ්‍යය. එදා මෙදා තුර මේ රටේ බිහි වූ අග්‍රගන්‍යම විපක්ෂ නායක වරයා වන පොනිල් අක්‍රමසිංහ මහතා ට වඩා මීට සුදුසු කෙනෙකු අපට නම් හිතා ගැනීමට වත් බැරිය. 
  3. ජ්‍යෝතිෂ කටයුතු භාර අමාත්‍ය - මේ රටේ කිසිම දෙයක් මුන්ට වඩා ඉහලින් කළ නොහැක. මේ රටේ එතෙක් මෙතෙක් කළ දැවැන්තම පුරාවිද්‍යා සහ නිධන් ගවේෂණ කටයුතු සඳහා සිය ඇපකැප වීම සහ දායකත්වය සැපයු පුරාවිද්‍යා පචවර්ති ස්වාමීන් වහන්සේ අපි මීට යෝජනා කරමු. එහෙත් උන්නාන්සේ බුද්ධ චීවරය හෙවත් අරහත් ධජය දරන ගමන් දේශපාලනය හෝ රජුන්ට කඩේ යාම වැනි තුප්පහි නිවට වැඩ කරාවි යයි සිතීම අපහසුය. එබැවින් මේ සඳහා ඊළඟට ඉතාම පරිනත සුදුස්සකු ලෙස අධෝත්තමවේදී ගොන්සිරි බණ්ඩාර යෝජනා කරමු.
  4. චන්ද්‍රිකා භාර අමාත්‍ය - අනිවා ඩෙෆා මේක දිය යුත්තේ ටට්ලියානා හටය. ඇයට බැරිනම් ඇගේ දුර ඇවැස්ස මස්සිනා කෙනෙකු හට හෝ මේක දුන්නාට වරදක් නැත. ගෝල් කීපර් හිටියට ගෝල් ගහන්නේ ඌ නොවන බැවින් එහි වරදක් ද නැත. 
  5. සට්ටඹි අමාත්‍ය - සට්ටම්බියා යනු ඉස්සර රජකාලේ චරිතයකි. උගේ රජ කාරිය නම්, රජු මළපහ කොට අවසාන වූ පසුව, රජුගේ මළපහ ලෙව කා බලා එහි රසය විස්තර කිරීමයි. එහි අරමුණ රජුගේ ස්වස්ථතාව පවත්වා ගැනීමයි. දැනටමත් මේ සඳහා ඇක්සන් ජන්තනි, සූරී සහ නලින් ඩි සිල්වා අතර තියුණු තරගයක් තිබේ. කාට හිමි වෙයි දැයි අපිද ඇඟිලි ගනිමින් නියපොතු හපමින් බලා සිටුමු. 
මීට අමතරව වෙනත් අමාත්‍ය ධුර වේනම් අපට දැන්වුවහොත් අපි ඒවාද අදාළ පාර්ශ්ව වෙත ලබා දීමට සැදී පැහැදී සිටිමු. ඒ අපට වෙන වැඩ නැති නිසාය. 

3 comments:

  1. රටේ ජනගහනයෙන් 50% වැඩි කාන්තාවන් වෙනුවෙන් 'මාසික ඔසප් චක්‍ර සේවා ඇමති' යන තනතුර වහාම ඇති කළ යුතුය.

    ReplyDelete
  2. ගින්දර ඇමති කියා එකෙක් සිටිය යුතුමය! රජා කියන හැටියට සිනි ඇමති පත් කරේ රටේ ජනතාවගේ රුධ්රගත සිනි ප්‍රමාණය පාලනය කරන්නලු! ඉතිං කුසේ ගින්දර ගැනත් සලකලා බලන්න ගින්දර ඇමති වගේ පොරක් හිටියොත් නරකද?

    ReplyDelete
  3. Related post

    http://meeghaya.wordpress.com/2013/02/03/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-what-could-be-a-cabinet/

    ReplyDelete